Sunday, June 24, 2012

ඇම්ඩන් - ඇම්ඩන් සහ සුමනගේ ගිරවා

අපේ ඇම්ඩන් සුමනගේ ගෙදර ගිහින් (ඔවු, ඔවු, අර සුමනම තමයි!). සුමනා ගෙදෙට්ට අළුත් බඩුවක් ගෙනල්ල. බඩුවක් කිවුවට බඩුවක් නෙමෙයි, මූ ගිරවෙක්. නිකම්ම ගිරවෙක් නෙමෙයි සාස්තර එකෙක්. උගේ වම් කකුලෙන් ඇද්දම ඌ අතීතේ ගැන කියනව. දකුණු කකුලෙන් ඇද්දම අනාගතේ ගැන කියනව. ඔන්න ඉතින් අපේ ඇම්ඩටත් සුමනා ගිරව පෙන්නුවා. ඇම්ඩා වම් කලුලෙන් ඇද්ද. මෙන්න මූ ඇම්ඩගෙයි සුමනගෙයි හොර සීන් ගඟ ගලනව වගේ කියාගෙන යනව!. එන පොට හොඳ නැති නිසා ඇම්ඩ වම් කකුල අත ඇරක දකුණු කකුලෙන් ඇද්ද. ඇම්ඩගේ අනාගතේ කරන අබ්ඩු ගැහීම් ගැම මෙන්න මූ හෙන චූර්ණිකාවක් දෙනව. වැඩේ ආයෙත් අප්සට්. ඒ නිසා ඇම්ඩ ගිරවගෙ කකුල අත ඇරිය. දැන් සීන් ඔක්කොම සුමනට මාට්ටු! මේක වහ ගන්නත් විදියක් ඕන. කල්පනා කරද්දී ඇම්ඩ හිතුව මුගේ කකුල් දෙකෙන ඇද්දොත් මූර අතීතෙයි, අනාගත්යි ටැපලිලා පිස්සු කියවයි කියල. එතකොට සුමන හිතන්නෙත් මූ පිස්සු කියවනව කිය්ලනෙ! එහෙම හිතල ඇම්ඩ ගිරවගෙ කකුල් දෙකෙන්ම ඇද්ද. ගිරවත් ඇමඩන් ගිරව්ක් කියල ඇම්ඩ දැනන් හිටියේ නෑ. ගිරව අහනව “ඇයි යකෝ, තෝ කකුල් දෙකෙන් ඇද්දම මම හිට ගන්නේ අහවල් එකෙන්ද?” කියල.

ඇම්ඩන් - ඇම්ඩා දෙක වසරේ...


"ඔන්න ඇම්ඩා දෙක වසරේ ඉන්න කාලේ දවසක් ටීචර් කිව්වලු මූට . . පුතා ඔයා හෙට ඉස්කෝලේ එන්න ඕන නෑ හොඳේ . . ගෙදරට වෙලා සෙල්ලම් කරන්න . . කියලා . . "

"ඇයි තීත එහෙම තිව්වේ . . කියලා මූ ඇහුවලු"

"පුතේ හෙට ඉස්කෝලෙට ඉන්ස්පෙක්ටර් මහත්තුරු එනවා. ඔයා මොකක් හරි නෝටි වැඩක් කලොත් ඉස්කෝලෙට හොඳ නෑ නේ . . ඒක නිසයි මම එහෙම කිව්වේ කියලා . . ටීචර් මූව ශේප් කරගන්න කියලා හිතලා කිව්වලු" 

"මූ සාමාන්‍යයෙන් වෙනදට ස්කූල් කට් කරනවලු . . ඒත් ටීච ම එන්න එපා කිව්ව හින්දා කරන්නම් හොඳ වැඩක් කියල හිතලා පහුවදා වෙනදටත් වඩා උදෙන්ම ඉස්කෝලේ ගියාලු"

"ටීචර්ට හීන් දාඩිය දැම්මලු මූව දැක්ක ගමන් . . ඒත් දැන් මොකෝ කරන්නේ කියලා හිතලා එහෙනම් හොඳ පුතා වගේ දඟ වැඩ නොකර ඉන්න කියලා මුගේ ඔලුව එහෙම අතගෑවලු"

"ඔන්න ඉතිං ඉන්ස්පෙක්ටර්ලා ඇවිත් පංතියෙන් පන්තිය ට යනවලු . . මූ ඉන්න පංතියටත් ඇවිත් ආයිබෝවන් ළමයි . . . කියලා සුභ පැතුවලු. . ළමයිනුත් ආයිබෝවන් ත. . ර් . ." කියලා සර්ටත් සුභපැතුව ලු.
"හරි මේ චූටි දූලා පුතාලා අතරින් සිංදුවක් කියන්න පුලුවන් කවුරු හරි ඉනවානම් අත උස්සන්න . . " කියලා සර් කිව්වලු.

"ළමයි නෝ හෙල්ලුම්ලු . . "

"සර්ට ටිකක් අප්සට් වගේලු . . "

"හරි එහෙනම් කවියක් කියන්න පුලුවන් ළමයෙක් . . ?"

"ඒත් ම් . හු ලු . . "

"හරි කමක් නෑ කතාවක් කියන්න දන්න ළමයෙක් ඉන්නවද එහෙනම් . . "

"ටික වෙලාවක් ගිහින් ඇම්ඩා හෙමීට ටීචර් දිහා බල බල අත උස්සන්න හදනවලු . . ටීච අතින් කියනවලු අත පහත දාන්න කියලා. . 

"මේක දැකපු සර්ට හරි තරහයිලු . . . ඇයි මිස් ඔයා එහෙම කරන්නේ . . බලන්න ඒ ළමයගේ ඉදිරිපත් වීම කොයි තරම් ලොකු දෙයක් ද . . ඔයා කරන වැඩෙන් ඒ ළමයට ලොකු අසාධාරණයක් වෙනවනේ . . කියලා බැනලා හරි පුතා එන්න . . ඉස්සරහට ඇවිහ් ඔයාගේ කතාව කියන්නකෝ . . කිව්වලු . . "

"තබාවෙන් අවසරයි . මා මෙතනට පැමිනියේ තතාවක් කිලීමතයි . . කිව්වලු . . "

"අනේ ශෝක් පුතෙක් . . සර් කිව්වලු . . . "

"ඔන්න එතෝමත් එත රතක තූති කුලුල්ලෙකුයි කපුතෙකුයි හොඳ යාලුවෝ වෙලා ඉතියාලු . . "

"ලස්සන කතාව වගේ නේද පුතා . . ටීචර්ට රවලා බලලා සර් කිව්වලු. . "

"පායන කාලේ පුලාම තූති කුලුල්ලා කෑම බීම දාති දොදාක් එකතු කලගෙන එයාගේ කූදුවේ තියා ගත්තාලු . . "

"ශා මොලේ තියෙන කුරුල්ලෙක් නේද පුතා . . සර් ඇහුවලු . . "

"කපුතා කලේ පායන කාලේ පුලාම තින්දු කිය කිය නත නත හිතපු එක තමයිලු . . ."

"මෝඩ කපුටෙක් නේද පුතේ . . ඉතිං ඉතිං . . "

ඔන්න ඉතිං වැත්ත කාලේ ආවලු . .. තූති කුලුල්ලා එයාගේ කූදුවත වෙලා කෑම බීම කකා සතුතෙන් හිතියලු . . "
එතකොට පුතේ කපුටා . .

"කපුතත හොඳතෝම බදගිනි වුනාලු . . එයාට කන්න මොතුත් නෑ . . එයා තූති කුලුල්ලගේ කූදුව ලඟත ගිහින් කිව්වලු . .. යාලුවේ යාලුවේ , , අනේ බත බදගිනී . . ඔයාගේ කෑම මොනා හලි මත දෙන්න . . තියලා . . "

"ඉතිං . . චූටි කුරුල්ලා මොනාද කිව්වේ . . " 

"ආ ඔයා යන්න . . . ඔයා වැත්ත කාලේ පුලාම තිංදු කිය කිය හිතියේ . . දැන් නිකන් ඉන්න . . . මත බෑ ඔයාත මොකුත් දෙන්න කියලා . . .තූති කුලුල්ලා තිව්වලු . . " 

"හොඳ වැඩේ නේද පුතේ . . " 

"කපුතත හොඳතෝම තලහා ගියාලු . . එයා කිව්වලු . . ආ වැස්ස පායපුවාකෝ . . මම තොගේ කූඩුවත් කඩලා !@#$#$%^^&&&*((^%$###@  තමයි පස්ස බලන්නේ කියලා . .. "

සර්ට කලන්තේ දාලා වැටුනා

ඇම්ඩන් - 100%ක්ම ජලය...


ඇම්ඩා කියන්නෙ පන්තියෙ ඉන්න හොදම ළමය නෙමේ ෂෝක්ම කොල්ල කියල ඉතින් හෑමෝම දන්නවනේ...ඒකා ටීචර් කියන කිසිම දෙයකට හරියට උත්තරයක් දෙන්නේ නෑ මොනවහරි කියල හිනාවෙලා ඉන්නවා...

දවසක් මිස් පෝෂණය යන පාඩම උගන්නනවා...ඔන්න මිස් කියනව මාලුන්ගෙ වැඩිපුරම අඩංගුවන පෝෂණ ගුණ…

ප්‍රොඅටීන් 12%
කැල්සියම් 05%
ජලය 75%
මේදය 08% ... කියල මිස් ටික වෙලාවකින් අහනවා…"හොදයි ඇම්ඩා කියන්න බලන්න…මාලු කන එක කොච්චර ගුණදායකද කියලා…"

ඇම්ඩා කියනවා…"ටීචර් දැන් කඩේ මාලු කිලෝ 1ක් රු 150..ඊට වැඩිය හොදයි..මිස්..රු 40 වතුර බොඅතලයක් බොන එක..." කියලා..
ටීචර් අහනවා "ඒ මොකද ඒ???"

ඇම්ඩා කියනව රු 150 දීල 75% ජලය ගන්නවට වැඩිය ලාබයි..රු 40 දීල 100%ක්ම ජලය ගන්න එක…..  

ඇම්ඩන් - මංකොල්ල කෑම


පළමු වසරේ ඉගෙනුම ලබන ඇම්ඩන් බොහො පමා වී පාසලට පැමිනෙනු දුටු ගුරැතුමිය.

"මොකද ඇම්ඩන් මෙච්චර පරක්කු වුනේ?".

ඇම්ඩන්: මං ඉස්කොලෙට එන අතරේ මංකොල්ල කාරයෙක් මාව අල්ල ගත්තනෙ ටීච..

"හත්තිලව්වයි..ඉතින් ඔය ලමයා මොකද කලේ?"

ඇම්ඩන්: මම ඉතින් කොහොමහරි පැනලා ආවා..ඒත් ටීච..ඌ මගෙ ගෙදර වැඩ පොත අරන් ගිහිල්ලනේ..